125x125 Ads

මේ වසරේ අපේ වෙසක් සත්කාරය 2013

0 comments




ජීවිතේ මුල් අවුරුදු පහළොව විස්ස ඇතුළත ලැබෙන නොලැබෙන දේවලින්, ඉතිරි මුළු ජීවිත කාලයම තීරණය වෙන බව කිව්වොත්, අති මහත් බහුතරයක් සඳහා එය වලංගුයි.
අවාසනාවකට, ඒ මුල් අවුරුදු ගණන තුළ ළමයකුට තමන්ගෙ ජීවිතේට වැදගත් වන කරුණු ගැන කිසිම බලපෑමක් නැති තරම්.
ඉදිරි ජීවිතයෙ සාර්ථකත්වයට හේතු වෙන ආදරය, අධ්‍යාපනය, පෝෂණය, යහපත් සෞඛ්‍යය, ආරක්ෂාව, පවුල් පසුබිම සහ ස්ථාවරභාවය වගේ කරුණු රාශියක් ඉන් ප්‍රධානයි.

හොඳ වෙලාවට නිදහස් අධ්‍යාපනය තිබුණෙ....

ඒත් අධ්‍යාපනයත් මුළුමණින්ම නිදහස් නැහැ. නොමිළේ ලැබෙන අධ්‍යාපනය ලබාගනු පිණිස තවත් භෞතික සම්පත් රාශියක් සඳහා වියදම් කළ යුතුයි.

අදත් හෙටත් හැම ළමයකුටම සමානව මේ හැම භෞතික සම්පතක්ම දිය හැකිනම්....
ඒත් එය ළඟා වීමට අසීරු ඉලක්කයක්.

එක් වසරකදී, නිශ්චිත ළමයින් පිරිසකට, අධ්‍යාපනය සඳහා අවශ්‍ය සම්පත් අතරින් කොටසක් ලබා දීමට හැකිනම්....
ඔව්, එයනම් වඩා ප්‍රායෝගික ඉලක්කයක්.

ඒ මෙවර අපේ වෙසක් ඉලක්කයයි.

පසුගියදා පැවති සුහද සාදයේදී සාකච්ඡා කරගත් පරිදි, දුෂ්කර පාසලක සිසු දරුවන් වෙනුවෙන් අවශ්‍ය පොත්පත්, පෑන් පැන්සල් සහ කවකටු පෙට්ටි, පාට පැන්සල් ආදී උපකරණත්, හැකිනම් පාසල් බෑගත් පිරිනමන්නටයි මෙවර අපේ වෑයම. කවදත් අප සමග සිටින
සහෘද කැලත් තවත් බොහෝ දෙනාත් අපේ වෑයමට එක් වනු ඇති.


ඉතින් වෙසක් සැමරුමට අපි සූදානම් වෙමු.
Read more »

කඩවත සිංහ අක්ෂි රෝහලට ඇස් කාච පරිත්‍යාගය

0 comments
කඩවත සිංහ අක්ෂි රෝහලට ඇස් කාච පරිත්‍යාගය











2012 වෙසක් දිනය නිමිත්තෙන් සංවිධානය කෙරුණු මේ වැඩසටහන සඳහා කාච 158ක් මිළට ගැනීමට අපට හැකි වුණා.

දෙස් විදෙස් මිතුරු මිතුරියන් රැසක් මීට දායක වුණා.




පරිත්‍යාගය සඳහා ගිය අවස්ථාවෙ අපට දැකගත හැකි වුණා මෙතනට සේවය ලබාගැනීමේ අපේක්ෂාවෙන් ඇවිත් හිටිය රෝගීන් විශාල සංඛ්‍යාවක්. විශේෂඥ වෛද්‍යවරිය සාමාන්‍යයෙන් පාන්දර 5.30 වනවිට මෙහි පැමිණ සැත්කම් අරඹන බව තමයි කිව්වෙ. සායන සඳහා සහභාගි වන රෝගීන්ගෙන් රුපියල් 100/200 මුදලක් අය කෙරුණත් ඒ මුදල වැය කරන්නෙ ඒ රෝගීන්ටම අවශ්‍ය වන උපකරණ ලබා දීම සඳහා. ඒ හැර රෝහලේ පවත්වාගැනීම සඳහා මුදල් යොදවන්නෙ සිංහසමාජයෙන් හෝ මේ වගේ ආධාරවලිනුයි.




ආරම්භයේ පටන් මේ වනවිට අක්ෂි සැත්කම් 9000කට අධික සංඛ්‍යාවක් සිදුකොට ඇති අතර, තමා දැනුවත්ව සංකූලතා ඇති වූයේ ඉන් තිදෙනෙකුට පමණක් බව මෙහි කාර්ය භාර නිලධාරි ප්‍රභාත් මහත්මා පැවසුවා. එහි ඇති දත්ත සටහන්වලින් මාසිකව සායනවලට සහභාගිවන, සැත්කම් කරවාගන්නා රෝගීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා තිබුණා. ඒ අනුව මාසිකව 150-250ක් වැනි සංඛ්‍යාවකට මෙහෙදී සැත්කම් කෙරෙනවා. ඒ සඳහා කාච සැපයෙන්නෙ නොමිළෙ. නමුත් වඩා මිළ අධික කාචයක් සවි කරවා ගැනීමට කැමති රෝගීන් ඉන්නවනම්, ඔවුනට ඒ සඳහා මුදලක් ගෙවන්නට සිදු වෙනවා. ඒ රුපියල් 7000ක් පමණ. 



අප ලබා දුන් පරිත්‍යාගය ඔවුන් ඉතාම ස්තුතිපූර්වකව භාරගත් අතර, කොළඹ නයනාරෝග්‍ය ශාලාවේද මෙලෙසම නොමිළේ කාච සවි කරන බවත්, කැමති කෙනෙකුට ඒ සඳහාද දායක විය හැකි බව දන්වා සිටියා. ඒ වගේම, පුළුන්, ශල්‍ය සැත් වගේම එදිනෙදා සේවය සඳහා අවශ්‍ය අන් ඕනෑම දෙයක් පරිත්‍යාග ලෙස ඔවුන් භාර ගන්නා බවත් දන්වා සිටියා.
Read more »

මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පැවතී....

0 comments
මිතුරන් වෙනුවෙන් කල කී දේ ගැන මතකයන්......

හැමදාමත් එකම පවුලක් උන අපේ මිතුරන් කරදරේකට වැටුනම අමතක කරන්න පුලුවන්ද.. මේ අපි ඒ වෙලාවෙදි කල දේවල් වලින් සමහරක්....















Read more »

බොරැල්ල රිජ්වේ ආර්යා රෝහලට සැත්කම් නූල් පරිත්‍යාග කිරීම

0 comments
බොරැල්ල රිජ්වේ ආර්යා රෝහලට සැත්කම් නූල් පරිත්‍යාග කිරීම





 



අපේ සොහොයුරෙකුගෙ පියාණන් අභාවප්‍රාප්ත වීම නිසා, ඔහුව සිහි කර සොයුරු කැල සංවිධානය කළ සත්කාරයයි මේ.
හෘද සැත්කම් ඒකකයෙ විශේෂඥ වෛද්‍යවරිය හා හෙද සොයුරිය හමු වී, ඒ අංශයට අවශ්‍ය පරිත්‍යාගයන් මොනවාදැයි විමසූවිට දැනගන්නට ලැබුණෙ, සැත්කම් සඳහා අවශ්‍ය නූල් වර්ගයක හිඟයක් පවතින බවයි. ඒවා සපයන වෙළඳ නියෝජිතයාගේ තොරතුරුද අප වෙත ලබා දීමට ඔවුන් කාරුණික වුණා. එකක් රුපියල් හයසිය ගණනක් වූ මේ නූල් තිහකට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කිරීමට අපට හැකි වුණා. 
Read more »

මහරගම පිළිකා රෝහලට ඖෂධ පරිත්‍යාගය

1 comments
මහරගම පිළිකා රෝහලට ඖෂධ පරිත්‍යාගය






Read more »
 

Copyright © 2010 | 2014 • මිතුරු සත්කාර • Design by Harshana De Silva,