125x125 Ads

2014 වෙසක් සත්කාරයට සහභාගී වීමට ඔබ සැමට ආරාධනා

0 comments



2014 වෙසක් සත්කාරය මේ මස 22 ඉරු දින එනම් හෙට පව 3.00ට මහරගම පිළිකා රෝහලේ දි සිදුකිරිමට සියලු කටයුතු සංවිධානය කොට තිබෙනවා.මේ අවස්ථාවට සහභාගි වන මෙන් සියලු දෙනාට මෙයින් ආරාධනා කර සිටිමු.

වැඩිදුර තොරතුරු අවශ්‍ය වන්නේ නම් පහත දුරකථන අංක මගින් විමසන්න 

077 371 36 72 නුවන් තිලංග
077 220 88 54 හර්ෂණ
Read more »

2014 වෙසක් සත්කාරයට ආධාර ලබා දිය හැකි අවසන් දිනය 2014 | 06 | 06

0 comments
2014 මැයි මස 27 වන දින දහවල් 12 වන විට අපගේ වෙසක් සත්කාර ගිණුමේ ශේෂය 118,155.69 කි

2014 මැයි මස 27 වන දින දහවල් 12 වන විට අපගේ වෙසක් සත්කාර ගිණුමේ ශේෂය 118,155.69 කි


2014 වසරේ වෙසක් සත්කාරයේ අරමුදල් රැස්කිරිම සදහා ඇරඹ් බැංකු ගිණුම මෙම මස 06 සිකුරාදා දහවල් 12 න් පසුව වසා දැමිමට නියමිත  බැවින්  සත්කාරය සදහා  මුදල් පරිත්‍යාග කිරීමට බලාපොරොත්තුවෙන් සිටින මිතුරු මිතුරියන් එදිනට පෙර ඔබගේ මුදල් එම ගිනුම වෙත බැර කරන ලෙස ඉල්ලා සිටිමු. 


ආධාර ලබා දිය හැකි බැංකු ගිනුම
පී.ඒ නුවන් තිලංග පෙරේරා / කේ.ජී ගිහාන් ලක්මාල්
8620037006
කොමාර්ෂල් බැංකුව,
රාජගිරිය


Read more »

2014 වෙසක් සත්කාරයේ පලමු පරිත්‍යාගය

0 comments
මහරගම පිළිකා රෝහලේ 16 වාට්ටුවෙන් ඉල්ලන ලද එක් දෙයක් තමයි, කැනියුලා දැමීම පහසු කරවන, ආලෝක බුබුලක් සහිත, විශාල කර පෙන්වන කාචය. ඔවුන් සතුව තිබුණු උපකරණය කැඩිලා. පිළිකා ඖෂධ හේතුවෙන් නහර වියැකෙන නිසා, කැනියුලා දැමීමට නහර සොයා ගැනීම අපහසුයි. කුඩා දරුවන්ගෙ නහර කොහොමත් හුඟක් සිහින් නිසා, මේ කාර්යය වඩාත් අපහසුයි. ඔවුන්ට අවශ්‍ය උපකරණය ගෙන දෙන්නට පොරොන්දු වුණත්, එය අපට නුහුරු උපකරණයක්. නමුත් සපතේරු උන්නැහේ, චාන්දි අක්කා, මුතුහාරි, සමන්තිකා, චතුෂ ඇතුළු කට්ටිය මහන්සි වෙලා මේ ගැන අන්තර්ජාලයෙනුත් හිතවතුන් මාර්ගයෙනුත් සොයා බැලුවා.

එහි ප්‍රතිඵලයක් ලෙස, සපාගේ නෑනන්ඩිය විසින් සිය පෞද්ගලික වියදමින් සහ මැදිහත්වීම් තුළින්, මේ වනවිට එම උපකරණය ලංකාවට ගෙනවාගෙන තිබෙනවා.රෝගීන් විසින් මින් ලබන ප්‍රයෝජනය ගැන සළකා බලා, වෙසක් මාසය වනතුරු නොසිට, හැකි ඉක්මණින් එය රෝහලට ලබා දීමට දායිකාවගේ කැමැත්තත් ඇතිව තීරණය වුණා.සපාගේ නෑනණ්ඩියට මෙන්ම, අවශ්‍ය උපකරණය සොයාගනු වස් වෙහෙස වූ සියලු දෙනාටම, එය භාවිතා කරන වාරයක් වාරයක් පාසා බෙහෙවින්ම පින්.

සපාගේ නෑනණ්ඩිය හා එතුමියගෙ දියණියන් සමග  අප්‍රේල් මස 5 වන දින පිළිකා රෝහලේ 16වන වාට්ටුවට ගොස්, කැනියුලා දැමීමට උපකාර වන ලෙන්ස් එක භාර දුන්නා. උපකරණය සොයා ගැනීමට වෙහෙස වුණු සැමටත්, උපකරණය මිළට ගෙන ලංකාවට ගෙන ඒම ඇතුළු සියලු වියහියදම් දරමින් මේ පරිත්‍යාගය සිදු කළ ඒ නැගණියටත් බොහොම පින්. ඇගේ පරලෝ සැපත් පියාටත් මේ පින් අනුමෝදන් කරමු

මේ ලෙසින් 2014 වසරේ වෙසක් සත්කාරයේ පලමු පරිත්‍යාගය සිදුකෙරුනු අතර රෝහල අවශ්‍ය ඉතිරි  ඖෂධ සහ ද්‍රව්‍ය ඉදිරි දින කිහිපයේදී  රෝහල වෙත ලබාදීමට මේ වන විට අප කටයුතු සිදු කරමින් පවතී,,


පරිත්‍යාග කරන ලද උපකරනය



 
 
 
 
 
 
 
 
 
 

Read more »

2014 වෙසක් සත්කාරය

2 comments



දොලොස් මසක් ගෙවිලා තවත් වෙසක් මසක් උදාවෙන්න තව ටික කාලයයි.වෙසක් මාසේ කියනකොට අපි හැමෝටම මතක් වෙන්නේ අපේ යහළු යෙහෙළියන්ගේ  දායකත්වයෙන් කෙරෙන වෙසක් සත්කාරය ගැනයි.ගිය වසරේ වෙසක් සත්කාරයේ සුන්දර මතක තාමත් අපේ හිත්වල තියෙනවා.ඉතින් මේ වසරේ ජනවාරි මාසේ පටන් ගන්නකොට හැමෝම අහන්නේ මේ සැරේ වෙසක් එකට මොකද කරන්නේ කියලා.

ඔන්න ඉතින් ඕක ගැන අපි කථා වුනා කියමුකෝ.හැමදාම පොඩ් දරුවන් වෙනුවෙන් යමක් කරන්න කැමති අපි මේ සැරෙත් පොඩි දරුවන් සදහා යමක් කරන්න කතා උනා .ඒ අනුව අපේ දයාබර චාන්දි අක්කාගේ සහ චන්දිමා සෙහොයුරියගේ අදහසක් අනුව මහරගම පිළිකා රොහලේ පොඩි දරුවන් වෙනුවෙන් සැකසුණු දැඩි සත්කාර ඒකකය‍ට අවශ්‍ය උපකරණ හා බෙහෙත් පරිත්යාග කරන්න තිරණය කලා.ඒ අනුව මේ වනවිටත් අපගේ සොහොයුරන් එම ඒකකයේ ප්‍රධාන වෛද්‍ය වරයා මුණ ගැසි මුලික වටයේ සාකජ්චාවක් පවත්වා අවසන්.ඉදිරි දිනවලදි අපිට වැඩි විස්තර දැනගැනිමට හැකි වේවි.

ගියවසරේ වෙසක් සත්කාරයෙන් ඉතිරි වුන රු 8000.00 පමණ මුදල යොදා ගනිමින් මේ වසර සදහා නව බැංකු ගිණුමක් ලබන සතියේ විවෘත කිරිමටත් අපි බලාපොරොත්තු වෙනවා ඉතින් එහෙනම් අපි ඔක්කොම වෙසක් සත්කාර 2014 ට දැන්ම තියා සුදානම් වෙමු.
Read more »
 

Copyright © 2010 | 2014 • මිතුරු සත්කාර • Design by Harshana De Silva,