125x125 Ads

2014 වෙසක් සත්කාරය අයවැය වාර්ථාව

0 comments
2014 වෙසක් සත්කාරයේ අයවැය වාර්ථාව

එකතු වු සම්පුර්න මුදල 150,558.02 

ගිණුම වසා දැමිමේ ගාස්තු 250.00
බැංකුවෙන් ලද මුදල 150,308.02 


2014 වෙසක් සත්කාරය වෙනුවෙන් වියදම් වු මුදල්

බෙහෙත් සදහා 145,389.00

පුස්ථකාලය සදහා මිලදිගත් පොත් 4,773.00

මුළු වියදම 150,162.00

2014 වෙසක් සත්කාරය වෙනුවෙන් එකතු වු මුදල් රු 150,308.02
2014 වෙසක් සත්කාරය වෙනුවෙන් වියදම් වු මුදල් රු 150,162.00 


ඉතිරි මුදල රු 146.02

( ඉතිරි මුදල 2015 වෙසක් සත්කාරය වෙනුවෙන් ඉදිරියට ගෙන යනු ලැබේ)


ස්වාමින් වහන්සේලා වෙත ලබා දුන් පිරිකර උන්වහන්සේලා විසින් නැවත රෝගින් වෙනුවෙන් පිරිනමන ලද අතර.ගමන් වියදම් ලබා ගැනිම ප්‍රතික්ශේප කරන ලදි.
සියලුම විසිතරාත්මක ඇයවැය  වෙසක් සත්කාරය 2014 ෆේස් බුක් පිටුවේ භාගත කල හැකි අයුරින් ලබාදී ඇත

(https://www.facebook.com/groups/659865037407269/)


Read more »

2014 වෙසක් සත්කාරය නිමාව

0 comments
 
           2014 වසරේ වෙසක් සත්කාරය ඉතාමත් සාර්ථක ලෙස අද අවසන් කෙරුනා.පව 3.00 පමණ වන විට කලින් කතාකරගත් පරිදි අපේ පිරිස රෝහලට එකතු උනා.සෙත් පිරිත් සච්ජායනාව සදහා භික්ෂුන් වහන්සේලා 03 නමක් ස්වේච්ජාවෙන්ම වැඩම කලා.ප්‍රථමයෙන්ම කලින් දැන්වු පරිදි අවශ්‍ය බෙහෙත් රෑගෙන අදාල නියොජිත මහතා පැමිණ සිටියා.ඔහු මෙරෆෙන් 500mg කුප්පි 53 සහ 1g කුප්පි 08 ගෙනවිත් තිබුනා.ඒ අනුව ඔහු වෙත රුපියල් 145,389.00 මුදලක් ලබා දුන්නා.මිට අමතරව පුස්ථකාල පොත් සදහා රු 4800.00 ක මුදලක් වියදම් වි තිබුණු අතර ඉසුරු සම්පත් සොහොයුරාත් පොත් කට්ටලයක් පරිත්යාපග කර තිබුනා

බෙහෙත් ලබා ගෙන මුදල් ගෙවිමෙන් අණතුරුව අපි 16 වන වාට්ටුව වෙත පියනැගුවේ සත්කාරය සාර්ථක ලෙස අවසන් කරන්න.ප්‍රථමයෙන්ම අප රෑගෙන ආ බෙහෙත් සහ පොත් පත් හෙද නිලධාරිනිය වෙත බාර දුන් අතර අප කළ සත්කාර්ය ඇය ඉහලින්ම අගය කලා.ඉන් පසු නේවාසික රෝගින් සියලුදෙනා එක තැනකට රෑස් කරවා ස්වාමින් වහන්සේලා විසින් සෙත් පිරිත් දේශනා කර පිරිත් නුල් ගැට ගසනු ලැබුවා.ඇවිදිමට අපහසු රෝගින්ගේ ඇද අසලටම ගොස් පිරිත් පැන් ලබා දි පිරිත් නුල් ගැට ගසන අතර ඔහුන්ගේ සුව දුක් විමසිමට තරම් භික්ෂුන් වහන්සේලා ඉතාම කාරුණික උනා.

රාජාංගනය , අම්පාර,අනුරාධපුරය ආදි අති දුෂ්කර පලාත් වල කුඩා දරු දැරියන් මෙම වාට්ටුවේ ප්‍රතිකාර ලබන අතර මාස 08 වයසේ සිට අවුරුදු 12 දක්වා වයස ලමුන් මේ අතර සිටිනවා.ඇත්තෙන්ම මේ දරුදැරියන්ගේ මුහුණු වල හුරතල් බවත් සමග රුදි අවිනිශ්ච්ත බව අපේ හදවත් දැඩ් ලෙස සංවේගයට පත් කරනු ලැබුවා.ඔහුන් වෙනුවෙන් මේවිදියට යමක් කරන්න ලැබිම අපි සියලු දෙනාටම විශාල සතුටක්.
අවසන් වශයෙන් යමක් කිවයුතුයි.2014 වෙසක් සත්කාරයේ පළමු පියවර සුරංජි සුගතදාස මහත්මියගේ පූර්ණ අනුග්‍රහයෙන් ලෙන්ස් එක සහිත විදුලිලාම්පුව ලබාදීම සිදු කරනු ලැබුවා. මේ අවස්ථාවේ ඇයව ගෙෘරවයෙන් සිහිපත් කර සිටින අතර.දෙවන අදියරය වු බෙහෙත් පරිත්‍යග කිරිම සදහා මෙරට හා පිටරට සිට මුදල් එවු සැමටත් වචනයෙන් හා අද දින පැමිණ සහයෝගය දැක්වු සැමටත් අප දෙස බලා සිටිමින් අපිව දිරි ගැන්වු සැමටත් හෘදයාංගම ස්තුතිය පිරිනමන්න කැමතියි







Read more »

2014 වෙසක් සත්කාරයට සහභාගී වීමට ඔබ සැමට ආරාධනා

0 comments



2014 වෙසක් සත්කාරය මේ මස 22 ඉරු දින එනම් හෙට පව 3.00ට මහරගම පිළිකා රෝහලේ දි සිදුකිරිමට සියලු කටයුතු සංවිධානය කොට තිබෙනවා.මේ අවස්ථාවට සහභාගි වන මෙන් සියලු දෙනාට මෙයින් ආරාධනා කර සිටිමු.

වැඩිදුර තොරතුරු අවශ්‍ය වන්නේ නම් පහත දුරකථන අංක මගින් විමසන්න 

077 371 36 72 නුවන් තිලංග
077 220 88 54 හර්ෂණ
Read more »

2014 වෙසක් සත්කාරයට ආධාර ලබා දිය හැකි අවසන් දිනය 2014 | 06 | 06

0 comments
2014 මැයි මස 27 වන දින දහවල් 12 වන විට අපගේ වෙසක් සත්කාර ගිණුමේ ශේෂය 118,155.69 කි

2014 මැයි මස 27 වන දින දහවල් 12 වන විට අපගේ වෙසක් සත්කාර ගිණුමේ ශේෂය 118,155.69 කි


2014 වසරේ වෙසක් සත්කාරයේ අරමුදල් රැස්කිරිම සදහා ඇරඹ් බැංකු ගිණුම මෙම මස 06 සිකුරාදා දහවල් 12 න් පසුව වසා දැමිමට නියමිත  බැවින්  සත්කාරය සදහා  මුදල් පරිත්‍යාග කිරීමට බලාපොරොත්තුවෙන් සිටින මිතුරු මිතුරියන් එදිනට පෙර ඔබගේ මුදල් එම ගිනුම වෙත බැර කරන ලෙස ඉල්ලා සිටිමු. 


ආධාර ලබා දිය හැකි බැංකු ගිනුම
පී.ඒ නුවන් තිලංග පෙරේරා / කේ.ජී ගිහාන් ලක්මාල්
8620037006
කොමාර්ෂල් බැංකුව,
රාජගිරිය


Read more »

2014 වෙසක් සත්කාරයේ පලමු පරිත්‍යාගය

0 comments
මහරගම පිළිකා රෝහලේ 16 වාට්ටුවෙන් ඉල්ලන ලද එක් දෙයක් තමයි, කැනියුලා දැමීම පහසු කරවන, ආලෝක බුබුලක් සහිත, විශාල කර පෙන්වන කාචය. ඔවුන් සතුව තිබුණු උපකරණය කැඩිලා. පිළිකා ඖෂධ හේතුවෙන් නහර වියැකෙන නිසා, කැනියුලා දැමීමට නහර සොයා ගැනීම අපහසුයි. කුඩා දරුවන්ගෙ නහර කොහොමත් හුඟක් සිහින් නිසා, මේ කාර්යය වඩාත් අපහසුයි. ඔවුන්ට අවශ්‍ය උපකරණය ගෙන දෙන්නට පොරොන්දු වුණත්, එය අපට නුහුරු උපකරණයක්. නමුත් සපතේරු උන්නැහේ, චාන්දි අක්කා, මුතුහාරි, සමන්තිකා, චතුෂ ඇතුළු කට්ටිය මහන්සි වෙලා මේ ගැන අන්තර්ජාලයෙනුත් හිතවතුන් මාර්ගයෙනුත් සොයා බැලුවා.

එහි ප්‍රතිඵලයක් ලෙස, සපාගේ නෑනන්ඩිය විසින් සිය පෞද්ගලික වියදමින් සහ මැදිහත්වීම් තුළින්, මේ වනවිට එම උපකරණය ලංකාවට ගෙනවාගෙන තිබෙනවා.රෝගීන් විසින් මින් ලබන ප්‍රයෝජනය ගැන සළකා බලා, වෙසක් මාසය වනතුරු නොසිට, හැකි ඉක්මණින් එය රෝහලට ලබා දීමට දායිකාවගේ කැමැත්තත් ඇතිව තීරණය වුණා.සපාගේ නෑනණ්ඩියට මෙන්ම, අවශ්‍ය උපකරණය සොයාගනු වස් වෙහෙස වූ සියලු දෙනාටම, එය භාවිතා කරන වාරයක් වාරයක් පාසා බෙහෙවින්ම පින්.

සපාගේ නෑනණ්ඩිය හා එතුමියගෙ දියණියන් සමග  අප්‍රේල් මස 5 වන දින පිළිකා රෝහලේ 16වන වාට්ටුවට ගොස්, කැනියුලා දැමීමට උපකාර වන ලෙන්ස් එක භාර දුන්නා. උපකරණය සොයා ගැනීමට වෙහෙස වුණු සැමටත්, උපකරණය මිළට ගෙන ලංකාවට ගෙන ඒම ඇතුළු සියලු වියහියදම් දරමින් මේ පරිත්‍යාගය සිදු කළ ඒ නැගණියටත් බොහොම පින්. ඇගේ පරලෝ සැපත් පියාටත් මේ පින් අනුමෝදන් කරමු

මේ ලෙසින් 2014 වසරේ වෙසක් සත්කාරයේ පලමු පරිත්‍යාගය සිදුකෙරුනු අතර රෝහල අවශ්‍ය ඉතිරි  ඖෂධ සහ ද්‍රව්‍ය ඉදිරි දින කිහිපයේදී  රෝහල වෙත ලබාදීමට මේ වන විට අප කටයුතු සිදු කරමින් පවතී,,


පරිත්‍යාග කරන ලද උපකරනය



 
 
 
 
 
 
 
 
 
 

Read more »

2014 වෙසක් සත්කාරය

2 comments



දොලොස් මසක් ගෙවිලා තවත් වෙසක් මසක් උදාවෙන්න තව ටික කාලයයි.වෙසක් මාසේ කියනකොට අපි හැමෝටම මතක් වෙන්නේ අපේ යහළු යෙහෙළියන්ගේ  දායකත්වයෙන් කෙරෙන වෙසක් සත්කාරය ගැනයි.ගිය වසරේ වෙසක් සත්කාරයේ සුන්දර මතක තාමත් අපේ හිත්වල තියෙනවා.ඉතින් මේ වසරේ ජනවාරි මාසේ පටන් ගන්නකොට හැමෝම අහන්නේ මේ සැරේ වෙසක් එකට මොකද කරන්නේ කියලා.

ඔන්න ඉතින් ඕක ගැන අපි කථා වුනා කියමුකෝ.හැමදාම පොඩ් දරුවන් වෙනුවෙන් යමක් කරන්න කැමති අපි මේ සැරෙත් පොඩි දරුවන් සදහා යමක් කරන්න කතා උනා .ඒ අනුව අපේ දයාබර චාන්දි අක්කාගේ සහ චන්දිමා සෙහොයුරියගේ අදහසක් අනුව මහරගම පිළිකා රොහලේ පොඩි දරුවන් වෙනුවෙන් සැකසුණු දැඩි සත්කාර ඒකකය‍ට අවශ්‍ය උපකරණ හා බෙහෙත් පරිත්යාග කරන්න තිරණය කලා.ඒ අනුව මේ වනවිටත් අපගේ සොහොයුරන් එම ඒකකයේ ප්‍රධාන වෛද්‍ය වරයා මුණ ගැසි මුලික වටයේ සාකජ්චාවක් පවත්වා අවසන්.ඉදිරි දිනවලදි අපිට වැඩි විස්තර දැනගැනිමට හැකි වේවි.

ගියවසරේ වෙසක් සත්කාරයෙන් ඉතිරි වුන රු 8000.00 පමණ මුදල යොදා ගනිමින් මේ වසර සදහා නව බැංකු ගිණුමක් ලබන සතියේ විවෘත කිරිමටත් අපි බලාපොරොත්තු වෙනවා ඉතින් එහෙනම් අපි ඔක්කොම වෙසක් සත්කාර 2014 ට දැන්ම තියා සුදානම් වෙමු.
Read more »

2013 වෙසක් සත්කාරය- ගමනක නිමාව

3 comments
පසුගිය මාස කිහිපයෙ පියවරින් පියවර ඉදිරියට ආව වෙසක් සත්කාරයෙ අවසන් ඉම උදා වුණේ, වෙසක් සතියෙ සඳුදින, මැයි විසිවෙනිදා.

මුළින්ම අපි ගියෙ මොණරාගල, වැලියාය, පියරතන විද්‍යායතන පිරිවෙනට. අපි යනකොට ස්වාමීන් වහන්සේලා බුදුන් වඳිනවා. නායක ස්වාමීන් වහන්සේලා බොහොම ප්‍රසන්න, කාරුණික අය. දුටුවිටම සිත පහන් වන විදිහෙ. එතැන ඉගෙනගන්න ගිහි ශිෂ්‍යයන් කෙරෙනුත් පෙනුණෙ බොහොම විනීත ඇවතුම් පැවතුම්. එතන ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දොළොස්නමකට අවශ්‍ය පොත්පත් පිරිනැමීමෙනුයි දවස ඇරඹුණේ. එම පිරිවෙනේම වැඩ වාසය කරන ශිෂ්‍ය හිමිවරුන් හා, එදිනෙදා පැමිණෙන ශිෂ්‍ය හිමිවරුන් වෙනුවෙන් එහි කෘත්‍යාධිකාරී හිමියන්ටත් (ඒ වනවිට ඔවුන් වැඩම කොට නොසිටිය නිසා) පූජාව සිදු කෙරුණා.




ඉන් පසු අපි ගියේ ඉහාව විදුහලට. අතරමගදි අපේ සියඹලාණ්ඩු නියෝජිත රවිට කතා කළත්, ඒ වෙද්දිත් රවිගෙ සේවා මුරය අවසන් වී නැහැ. රවිව ඉහාවෙදි මුණගැහෙන බලාපොරොත්තුවෙන් අපි ඉදිරියට ගියා. ඒ වෙනකොට හීන් වැස්සක් වැටෙමින් තිබුණෙ. වැස්සෙ තෙමීගෙනම, මීයාගල විදුහලේ විදුහල්පතිතුමා, ට්‍රැක්ටරේකුත් ලෑස්ති කරගෙන, පාරට වෙලා ඉන්නවා අපි එනතුරු. ඉක්මණින් ඉහාව විදුහලට ගිහින්, එහෙට පොත් බෙදා දීලා, විදුහල්පතිතුමාගෙ ගෙදරට ඇවිත් ට්‍රැක්ටරයට නැගිලා යන්නයි සැලසුම් කළේ.

පොඩි පන්තිවල ළමයින් සඳහා වන කට්ටලය
බෑගය, පිටු 80 තනි රූල් (පන්ති අනුව ලොකු රූල් හෝ සාමාන්‍ය) පොත් 10, කොටු රූල් පොත් 1, චිත්‍ර පොත් 1, පිටු 200 සී ආර් පොත් 1,  පාට පැන්සල් පෙට්ටි 1, පාට පැස්ටල් පෙට්ටි 1, වතුර බෝතලය, පැන්සල් 4, මකනය, දැළිස පොත



6න් ඉහළ පන්තිවල ළමයින් සඳහා කට්ටලය
බෑගය, පිටු 200 තනි රූල් පොත් 10, කොටු රූල් පොත් 1, පිටු 120 සී ආර් පොත් 1, ප්‍රස්තාර පොත් 1, පාට පැන්සල් පෙට්ටි 1, පෑන් 4, පැන්සල් 2, මකනය, කවකටු පෙට්ටිය



ඉහාව විදුහලට ගොඩවැදුණෙම, අපට වැඩි වෙලාවක් නෑ කියාගෙන. විදුහල්පතිතුමා රාජකාරි ගමනක් ගිහින් නිසා, උපවිදුහල්පතුමා සහ අනික් ගුරුවරුන් අපට අවශ්‍ය වුණු නාමලේඛන සපයා දීලා, ළමුන් ශාලාවට රැස් කළා. පොඩ්ඩො ආවෙ පුටුත් උස්සගෙන. 
අපට දන්වා තිබුණු සංඛ්‍යාවෙන් නෑවිත් තිබුණෙ එකම ළමයයි. එයාගෙ ත්‍යාගය අපි පාසලට භාර දුන්නා.


ඉහාවෙදි අනපේක්ෂිත සිදුවීමක් වුණා. 
එක වසරෙ ළමයින් තුන් දෙනෙක් කියලයි අපට කියල තිබුණෙ. නාමලේඛනයෙ සිව් වැන්නෙකුත් හිටියා. නමුත් පිටු පෙරළලා බැලුවහම, ඒ දරුවා මේ වාරයේම පාසල් ඇවිත් නැහැ. කලින් වාරයෙත් සතියකට වරක් විතර, එහෙමත් නැත්නම් ඊටත් අඩුවෙන් ඇවිත් තිබුණෙ. ඒ නිසා අපි ඒ ගැන විමසීමක් කළා. 
එතෙන්දි අපට පිළිතුරු දුන්නෙ එක් ගුරුවරියක්. 
"එයා විශේෂ දරුවෙක්." ඈ කිව්වා. කියලා, ටිකක් අදිමදි කරමින් ආයෙත් හඬ අවදි කළා. "එයා ඇත්තටම මගේ පුතා."
අපි කිව්වා ඒ දරුවා පිළිබඳව අප දැන නොසිටි බව. ඒ එක්කම මොකක්ද දරුවගෙ විශේෂතාවය කියලත් ඇහුවා. මොකද, ඉගෙනගන්න අපහසුකමක් නැති, පොත්පත් අවශ්‍ය දරුවෙක්ද, ඇයි එයාගෙ නම අපිට නොදැන්නුවෙ කියලයි දැනගන්නට ඕන කළේ.
බලනකොට ඒ දරුවා ඉපදුණු අලුතම විෂබීජයක් මොළයට යාමෙන්, මෙනින්ජයිටිස් රෝගය සෑදුණු දරුවෙක්. මව කියන පරිදි, ඔහුට හොඳින් සිහි කල්පනාව තියෙනවා. නමුත් තවම හරි හැටි කතා කිරීමට බැහැ. ඒ වගේම තනිවම පැන්සල අල්ලා ලිවීමට තරම් අත හැසිරවීමට හෝ තනිවම ඇවිදීමට බැහැ. මවගේ ඥාතියකු විසින් ලබා දුන් රෝද පුටුවකිනුයි දැනට දරුවා එහා මෙහා යන්නෙ. මසකට වරක් කොළඹ ගෙන යනවා ප්‍රතිකාරවලට. පාසලට ගෙන එන්නටනම්, වාහනයකින් ගෙන ආ යුතුයි. ඒ අපහසුකම් නිසයි දරුවා පාසලට නොගෙනෙන්නෙ. නමුත් අම්මා පාසල් ඒමට සූදානම් වන බව දුටුවාම, දරුවා අඬනවලු.
මේ දරුවට අපි යමක් ගෙන ගොස් නොතිබුණු නිසා, ඒ වෙලාවෙ එතන හිටි අපි කීප දෙනා සාකච්ඡා කරලා, මුදල් ප්‍රදානයක් කළා.
ඒ දරුවගෙ අම්මා, දරුවා ගැන අපි විමසුව මොහොතේ ඉඳන්ම හිටියෙ, හැඬුම් බලෙන් නවත්වා ගනිමින්. අනෙක් සිසුන් ඉදිරියෙ හැඬීමට නොහැකි නිසා වෙන්නට ඕන.

පුස්තකාල පොත්- රුපියල් හතළිස් දහසකට ආසන්න වටිනාකමකින් යුත්, ළමා හා යොවුන් කතාපොත්, ශිෂ්‍යත්ව හා සාමාන්‍ය පෙළ සඳහා උපකාර ප්‍රශ්නෝත්තර පොත්, බාහිර දැණුම පොත්, ශබ්දකෝෂ මීට අයත් වුණා. එක් විදුහලකට පොත් 150ක් පමණ දුන්නා




ඊට පස්සෙ මීයාගල විදුහල්පතිතුමාගෙ නිවසට ගිහින්, (එතුමා පදිංචි ඉහාව විදුහල කිට්ටුව) ට්‍රැක්ටරේට පොත්පත් මාරු කළා. උදේ සිට පැවති පොද වැස්ස නිසා, ඉටි රෙදි අරගෙන, පොත්පත් ආවරණය කිරීමට කටයුතු යෙදුවා. ඔය අතරම රවිත් සේවා මුරය අවසන් කර එතැනට ආවා.
අපට කලින් දීමට අමතක වුණු ඉහාව පුස්තකාල පොත් පාර්සලයත් මගින් දීගෙනම, අපි මීයාගල පාසල කරා ගියා. ට්‍රැක්ටර් ගමන තවත් දුෂ්කර කරවමින් අතරමග බෝක්කුවක් කඩාගෙන ගිහින්. ට්‍රැක්ටරේ නවත්වලා, රියැදුරු මහත්මයා ගිහින් පාර සෝදිසි කළා. ඊට පස්සෙ අපිට ටික දුරක් පයින් එන්නටය කියලා, එතුමා ට්‍රැක්ටරය අරගෙන, කණ්ඩිය ඔස්සේ ඇලට හරවලා, ඇල ඔස්සේ ටික දුරක් ගමන්කොට, බෝක්කුවෙන් එහා පැත්තෙ ආයෙමත් කණ්ඩිය දිගේ දැම්මා නෙව පාරට!







අමතක නොවන ට්‍රැක්ටර් ගමනින් පස්සෙ අපි ආවා මීයාගල විදුහලට. 
අපි රවිට කිව්වෙ දුෂ්කර පාසලක් හොයල දෙන්නටය කියලා.
දුෂ්කර කියන්නෙ?
"දුෂ්කර කියන්නෙ මොන වගේද කියලා, ශබ්දකෝෂයෙන් ඉගෙන ගත්තට පස්සෙ, තේරෙන්න කියල දුන්නෙ රවි අය්යා." එහෙමයි හර්ෂණ කිව්වෙ.

ඉහාව, මීයාගල කියන ඉස්කෝල දෙකම කලකට පෙර වැසෙන්නට ගිය පාසල්. මීයාගල විදුහල වත්මන් තත්වයට ගොඩනැංවීමට වෙහෙසෙන්නෙ විදුහල්පතිතුමා. 
පාසලට පය තබනකොටම අපිට වැටහුණා, මේ පරිත්‍යාගය ලැබීමට සුදුසුම දරුවන් මෙතන ඉන්නා බව.
අපි කලින් කියලා තිබුණෙ රැස්වීම් අනං මනං ඕන නැහැ, අපි ආවා, පොත් ටික දුන්නා, ගියා කියලා.



අපි යනකොටත් දරුවො ශාලාවෙ රැස් වෙලා. ඒ වගේම මව්වරුනුත්. අපි ශාලාවෙන් බෑග් එකලස් කර අවසන් වෙනකොටම විදුහල්පතිතුමා කතා කළා: දැන් කවුද කතාව පවත්වන්නෙ? අපි රැස්වීමෙ .... (මට දැන් වචනෙ මතක නැහැ; පොතක පටුන වගෙ රැස්වීම්වල තියන එක) හදනවා! 
එයින් පස්සෙ අපිට ගුරු මණ්ඩලයෙන් සංග්‍රහයක්. 

ඊට පස්සෙ රැස්වීම. ගුරු භවතෙක් හා විදුහල්පතිතුමා රැස්වීමෙ අරමුණු පැහැදිලි කළායින් පසුව, ශිෂ්‍යාවක් ඉංග්‍රීසියෙන් පිළිගැනීමේ කතාවක් කළා.
ඊට පස්සෙ ශිෂ්‍යාවක් මිහිරි ගීයක් ගායනා කළා. ඇයට බෙර වාදනයෙන් සහාය වුණේ තවත් ශිෂ්‍යයෙක්.
එයින් පස්සෙ කුඩා සිසුවියන්ගෙ නැටුම් අංග දෙකක්. ඉහළ පන්තිවල සිසුන්ගෙ ගායනා අංග.
ඔවුන් ඇත්තටම දක්ෂ සිසුන්. 



අනංමනං ඕන නැහැ කියලා අපේ කුලප්පුවට කිව්වට, මේ දරුවො තමන්ගෙ දක්ෂතා ප්‍රදර්ශනය කරන්නෙ කා ඉස්සරහද? තමන්ගෙ ඉදිරිපත්වීමේ හැකියාව, නායකත්ව ලක්ෂණ පෙන්වන්නෙ කොහෙදිද?
පාසලෙන් ඔබ්බට මේ දරුවන්ගෙ කුසලතා යන්නෙම නැති තරම්. ළඟා වීමේ දුෂ්කරතාවය නිසා විදුහලට එන අමුත්තනුත් අඩුයි. එහෙම තියෙද්දි, ඔවුන්ගෙ හැකියාවන් රස විඳීමට අපට වෙලාවක් නැහැයි කීමට අයිතියක් ඇත්තේ කාටද?

ඒ අතරතුර මම බලා හිටියෙ ඉදිරි පෙළ දරුවන් දිහා. වම් පැත්තෙ ආසන පේළියෙ ළමයින් හත්දෙනයි: සපත්තු ළමයි 1: සෙරෙප්පු ළමයි 2: පාවහන් රහිත ළමයි 4
එතන තුන් වෙනියට ඉඳගෙන හිටිය පුංචි කෙල්ලගෙ තිබුණු අහිංසක පෙණුම මතක් වෙනකොට දුකයි. පස්සෙ ඇයත් එක්ක කතා කළහම කිව්වා, ගෙදර ඉන්නෙ, ආච්චියි සීයයි රේණු පුංචියි කියලා.

ඉතින් එතෙන්දිත් පොත්පත් බෙදා දෙන්න ගිහාම, එක් විශේෂ දරුවෙක් හිටියා. අපි නම කතා කළාට, එයා ආවෙ නැහැ. පාසලේ ගුරුවරයෙක් ළඟට ඇවිත් අතින් අල්ලලා, කතා කළහම තමා ආවෙ.
එදින පාසල් නොආ දරුවොත් සෑහෙන ප්‍රමාණයක් හිටියා, දහදෙනෙක් විතර. ඒ අයගෙ ත්‍යාග අපි තියලා ආවෙ, ගුරු මණ්ඩලය ගුණ සම්පන්න බව පෙනුණ නිසයි.









අපි ආපහු එද්දි, පාරට ගහක් කඩන් වැටිලා. ඒකත් එහා මෙහා කරගෙනයි ආවෙ. අර සමහර වාහනවල ගහල තියෙන්නෙ, "රියැදුරු දෑතට තෙරුවන් සරණයි" කියලා; ඒ මේ ට්‍රැක්ටරේ රියදුරු මහතා වගේ අයට වෙන්නට ඕන. පාර හරියට නැති තැන්වලදි කණ්ඩිවලින් දාගෙන ගියත්, අනවශ්‍ය ලෙස එකදු පඳුරක් හෝ නොතැලෙන විදිහටයි ඔහු ට්‍රැක්ටරය පැදෙව්වෙ.

ඊට පස්සෙ අපි ගියෙ මොණරාගල නගරයේම තියෙන පිරිවෙනට. එහි සාමාන්‍යයෙන් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා තිස්නමක් පමණ සිටින මුත්, වෙසක් පින්කම් සඳහා සහභාගි වන නිසා, එදා වැඩ සිටියේ ඉන් අටනමක් පමණයි. 
අපි කීපදෙනා සාකච්ඡා කර, ඉතිරි වුණු පොත්පත් ආදිය පියරතන පිරිවෙනට ආපසු රැගෙන ගොස් පූජා කළා. එතනට එන අවශ්‍යතා සහිත ගිහි දරුවන්ට ඒ ද්‍රව්‍ය ලබා දෙන බව ස්වාමීන් වහන්සේ වදාළා.

ඉතින් ඔහොමයි.
Read more »
 

Copyright © 2010 | 2014 • මිතුරු සත්කාර • Design by Harshana De Silva,