
පසුගිය මාස කිහිපයෙ පියවරින් පියවර ඉදිරියට ආව වෙසක් සත්කාරයෙ අවසන් ඉම උදා වුණේ, වෙසක් සතියෙ සඳුදින, මැයි විසිවෙනිදා.
මුළින්ම අපි ගියෙ මොණරාගල, වැලියාය, පියරතන විද්‍යායතන පිරිවෙනට. අපි යනකොට ස්වාමීන් වහන්සේලා බුදුන් වඳිනවා. නායක ස්වාමීන් වහන්සේලා බොහොම ප්‍රසන්න, කාරුණික අය. දුටුවිටම සිත පහන් වන විදිහෙ. එතැන ඉගෙනගන්න ගිහි ශිෂ්‍යයන් කෙරෙනුත් පෙනුණෙ බොහොම විනීත ඇවතුම් පැවතුම්. එතන ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දොළොස්නමකට අවශ්‍ය පොත්පත් පිරිනැමීමෙනුයි දවස ඇරඹුණේ. එම පිරිවෙනේම වැඩ වාසය කරන ශිෂ්‍ය හිමිවරුන් හා, එදිනෙදා...