125x125 Ads

වෙසක් සත්කාරය 2013





ජීවිතේ මුල් අවුරුදු පහළොව විස්ස ඇතුළත ලැබෙන නොලැබෙන දේවලින්, ඉතිරි මුළු ජීවිත කාලයම තීරණය වෙන බව කිව්වොත්, අති මහත් බහුතරයක් සඳහා එය වලංගුයි.
අවාසනාවකට, ඒ මුල් අවුරුදු ගණන තුළ ළමයකුට තමන්ගෙ ජීවිතේට වැදගත් වන කරුණු ගැන කිසිම බලපෑමක් නැති තරම්.
ඉදිරි ජීවිතයෙ සාර්ථකත්වයට හේතු වෙන ආදරය, අධ්‍යාපනය, පෝෂණය, යහපත් සෞඛ්‍යය, ආරක්ෂාව, පවුල් පසුබිම සහ ස්ථාවරභාවය වගේ කරුණු රාශියක් ඉන් ප්‍රධානයි.

හොඳ වෙලාවට නිදහස් අධ්‍යාපනය තිබුණෙ....

ඒත් අධ්‍යාපනයත් මුළුමණින්ම නිදහස් නැහැ. නොමිළේ ලැබෙන අධ්‍යාපනය ලබාගනු පිණිස තවත් භෞතික සම්පත් රාශියක් සඳහා වියදම් කළ යුතුයි.

අදත් හෙටත් හැම ළමයකුටම සමානව මේ හැම භෞතික සම්පතක්ම දිය හැකිනම්....
ඒත් එය ළඟා වීමට අසීරු ඉලක්කයක්.

එක් වසරකදී, නිශ්චිත ළමයින් පිරිසකට, අධ්‍යාපනය සඳහා අවශ්‍ය සම්පත් අතරින් කොටසක් ලබා දීමට හැකිනම්....
ඔව්, එයනම් වඩා ප්‍රායෝගික ඉලක්කයක්.

ඒ මෙවර අපේ වෙසක් ඉලක්කයයි.


 මේ අපේ මෙවර සත්කාරයේ තේමාව..

          ලංකාවේ පාසල් දරුවෝ අපේ තේමාවට අනුව කොටස් දෙකකට බෙදන්න පුලුවන්. සමහරක් අම්මලා  දරුවෝ උදෙන්ම නැගිට්ටලා උදේට දවල්ට කෑම දෙකක් හදල දීලා අලුත්ම ඇදුමින් සරසලා, දිස්නෙ ගහන පොත් බෑග් එකත් එක්ක ස්කූල් වෑන් එකේ පාසල් යවන්න හැදුවත් ඒ සමහර දරුවො පාසල් යන්න බෑ කියලා කම්මැලි වෙන වෙලාවලුත් තියනවා.


ඒත් ඒ අතරේ එකම කොපි පොතේ හැම විශයක්ම අකුරු කරන. තමුන්ටම කියලා පොත් බෑගයක් සපත්තු දෙකක් නැති උනත් පාන්දරින් නැගිටලා අලි කොටි වලස්සු ගැවසෙන පාරවල් දිගේ පාසල් වලට යන දරුවෝ කොටසකුත් අපේ ලංකාවෙ ඉන්නවා..


අපේ උත්සාහය හැකි පමනින් හරි මේ දෙවෙනි කොටසට අයිති දරුවන් වෙනුවෙන් යමක් කරන්න .දැනට සියඹලාආන්ඩුව රෝහලේ සේවය කරන අපගේ හිතවත් වෛද්‍ය රවි සොහොයුරාගේ මහන්සියේ ප්‍රතිඑලයක් විදියට දැනටමත් පාසැල් කිහිපයක් තෝරාගෙන තිබ්බත්  තවත් අති දුෂ්කර පාසැල් පිලිබද ඔහු මේ දිනවල තොරතුරු සොයම්න් සිටිනවා. 


ඒ හිත් ගොඩාක් සතුටු වෙයි අපිට ඒ අයගේ අනාගතය වෙනුවෙන් යමක් කරන්න පුලුවන් උනොත්. මොකද ඒ දරුවෝ අපෙන් ඉල්ලන්නේ  සරුව පිත්තල සෙල්ලම් බඩු නෙවෙ. කුප්පි ලාම්පු එලියෙන් හරි අකුරු කරන්න පොතක් පැන්සලක්.  අපිට මේ දේ කරන්න පුලුවන් උනොත් ඒ හිත් වලට වගේම අපේ හිත්වලත් ඒක හැමදාමත් මතක තියේවී. 



වෙසක් සත්කාරයේ අරමුදල් රෑස් කරනු පිණිස අරඹන ලද බද්ධ ඉතිරිකිරිමේ ගිණුම
ගිණුම් අංකය 8620030309

රාජගිරිය කොමර්ෂල් බැකුව

නම -    පි ඒ නුවන් තිලංග පෙරේරා
          කේ ජී ගිහාන් ලක්මාල්


ඔබ  අපගේ වෙසක් සත්කාරය වෙනුවෙන් ගිණුමට මුදල් බැර කරන්නේ නම් කරුනාකර තමන්ගෙ නමත්, තැන්පත් කළ මුදලත් නුවන් තිලංග සොයුරා වෙත දැනුම් දෙන්න. විනිවිදභාවයකින් යුතුව සංඛ්‍යා ලේඛන පවත්වා ගැනීම සඳහා එය අවශ්‍යයි.


අපගේ වෙසක් සත්කාරය වෙනුවෙන් මුදල් පමණක් නොව දව්‍ය වශයෙන් පරිත්‍යාගකිරිමට කැමති අය සිටි නම් කරුණාකර අපේ නුවන් තිලංග සොහොයුරා  සම්බන්ද කරගන්න   


077-3713672 -  නුවන් තිලංග පෙරේරා




මෙම සත්කාර වැඩසටහන සදහා පරිත්‍යාග ලබා දිය හැකි අවසන් දිනය 2013 - 04 - 30 බව කරුනාවෙන් සලකන් *



( මේ හා දාක වන ඔද අදාදියේදී එපාපැමින එයුත්හා සහභාගී විහැකිය )







0 comments:

Post a Comment

 

Copyright © 2010 | 2014 • මිතුරු සත්කාර • Design by Harshana De Silva,