125x125 Ads

2014 වෙසක් සත්කාරය




දොලොස් මසක් ගෙවිලා තවත් වෙසක් මසක් උදාවෙන්න තව ටික කාලයයි.වෙසක් මාසේ කියනකොට අපි හැමෝටම මතක් වෙන්නේ අපේ යහළු යෙහෙළියන්ගේ  දායකත්වයෙන් කෙරෙන වෙසක් සත්කාරය ගැනයි.ගිය වසරේ වෙසක් සත්කාරයේ සුන්දර මතක තාමත් අපේ හිත්වල තියෙනවා.ඉතින් මේ වසරේ ජනවාරි මාසේ පටන් ගන්නකොට හැමෝම අහන්නේ මේ සැරේ වෙසක් එකට මොකද කරන්නේ කියලා.

ඔන්න ඉතින් ඕක ගැන අපි කථා වුනා කියමුකෝ.හැමදාම පොඩ් දරුවන් වෙනුවෙන් යමක් කරන්න කැමති අපි මේ සැරෙත් පොඩි දරුවන් සදහා යමක් කරන්න කතා උනා .ඒ අනුව අපේ දයාබර චාන්දි අක්කාගේ සහ චන්දිමා සෙහොයුරියගේ අදහසක් අනුව මහරගම පිළිකා රොහලේ පොඩි දරුවන් වෙනුවෙන් සැකසුණු දැඩි සත්කාර ඒකකය‍ට අවශ්‍ය උපකරණ හා බෙහෙත් පරිත්යාග කරන්න තිරණය කලා.ඒ අනුව මේ වනවිටත් අපගේ සොහොයුරන් එම ඒකකයේ ප්‍රධාන වෛද්‍ය වරයා මුණ ගැසි මුලික වටයේ සාකජ්චාවක් පවත්වා අවසන්.ඉදිරි දිනවලදි අපිට වැඩි විස්තර දැනගැනිමට හැකි වේවි.

ගියවසරේ වෙසක් සත්කාරයෙන් ඉතිරි වුන රු 8000.00 පමණ මුදල යොදා ගනිමින් මේ වසර සදහා නව බැංකු ගිණුමක් ලබන සතියේ විවෘත කිරිමටත් අපි බලාපොරොත්තු වෙනවා ඉතින් එහෙනම් අපි ඔක්කොම වෙසක් සත්කාර 2014 ට දැන්ම තියා සුදානම් වෙමු.

2 comments:

{ තිස්ස දොඩන්ගොඩ } at: March 8, 2014 at 9:31 AM said...

හරි!
එමි!

{ නුවන් තිලංග } at: March 8, 2014 at 11:34 AM said...

අපිත් සුදානම් එහෙනම්

Post a Comment

 

Copyright © 2010 | 2014 • මිතුරු සත්කාර • Design by Harshana De Silva,