125x125 Ads

2014 වෙසක් සත්කාරයේ පලමු පරිත්‍යාගය

මහරගම පිළිකා රෝහලේ 16 වාට්ටුවෙන් ඉල්ලන ලද එක් දෙයක් තමයි, කැනියුලා දැමීම පහසු කරවන, ආලෝක බුබුලක් සහිත, විශාල කර පෙන්වන කාචය. ඔවුන් සතුව තිබුණු උපකරණය කැඩිලා. පිළිකා ඖෂධ හේතුවෙන් නහර වියැකෙන නිසා, කැනියුලා දැමීමට නහර සොයා ගැනීම අපහසුයි. කුඩා දරුවන්ගෙ නහර කොහොමත් හුඟක් සිහින් නිසා, මේ කාර්යය වඩාත් අපහසුයි. ඔවුන්ට අවශ්‍ය උපකරණය ගෙන දෙන්නට පොරොන්දු වුණත්, එය අපට නුහුරු උපකරණයක්. නමුත් සපතේරු උන්නැහේ, චාන්දි අක්කා, මුතුහාරි, සමන්තිකා, චතුෂ ඇතුළු කට්ටිය මහන්සි වෙලා මේ ගැන අන්තර්ජාලයෙනුත් හිතවතුන් මාර්ගයෙනුත් සොයා බැලුවා.

එහි ප්‍රතිඵලයක් ලෙස, සපාගේ නෑනන්ඩිය විසින් සිය පෞද්ගලික වියදමින් සහ මැදිහත්වීම් තුළින්, මේ වනවිට එම උපකරණය ලංකාවට ගෙනවාගෙන තිබෙනවා.රෝගීන් විසින් මින් ලබන ප්‍රයෝජනය ගැන සළකා බලා, වෙසක් මාසය වනතුරු නොසිට, හැකි ඉක්මණින් එය රෝහලට ලබා දීමට දායිකාවගේ කැමැත්තත් ඇතිව තීරණය වුණා.සපාගේ නෑනණ්ඩියට මෙන්ම, අවශ්‍ය උපකරණය සොයාගනු වස් වෙහෙස වූ සියලු දෙනාටම, එය භාවිතා කරන වාරයක් වාරයක් පාසා බෙහෙවින්ම පින්.

සපාගේ නෑනණ්ඩිය හා එතුමියගෙ දියණියන් සමග  අප්‍රේල් මස 5 වන දින පිළිකා රෝහලේ 16වන වාට්ටුවට ගොස්, කැනියුලා දැමීමට උපකාර වන ලෙන්ස් එක භාර දුන්නා. උපකරණය සොයා ගැනීමට වෙහෙස වුණු සැමටත්, උපකරණය මිළට ගෙන ලංකාවට ගෙන ඒම ඇතුළු සියලු වියහියදම් දරමින් මේ පරිත්‍යාගය සිදු කළ ඒ නැගණියටත් බොහොම පින්. ඇගේ පරලෝ සැපත් පියාටත් මේ පින් අනුමෝදන් කරමු

මේ ලෙසින් 2014 වසරේ වෙසක් සත්කාරයේ පලමු පරිත්‍යාගය සිදුකෙරුනු අතර රෝහල අවශ්‍ය ඉතිරි  ඖෂධ සහ ද්‍රව්‍ය ඉදිරි දින කිහිපයේදී  රෝහල වෙත ලබාදීමට මේ වන විට අප කටයුතු සිදු කරමින් පවතී,,


පරිත්‍යාග කරන ලද උපකරනය



 
 
 
 
 
 
 
 
 
 

0 comments:

Post a Comment

 

Copyright © 2010 | 2014 • මිතුරු සත්කාර • Design by Harshana De Silva,