125x125 Ads

කඩවත සිංහ අක්ෂි රෝහලට ඇස් කාච පරිත්‍යාගය

කඩවත සිංහ අක්ෂි රෝහලට ඇස් කාච පරිත්‍යාගය











2012 වෙසක් දිනය නිමිත්තෙන් සංවිධානය කෙරුණු මේ වැඩසටහන සඳහා කාච 158ක් මිළට ගැනීමට අපට හැකි වුණා.

දෙස් විදෙස් මිතුරු මිතුරියන් රැසක් මීට දායක වුණා.




පරිත්‍යාගය සඳහා ගිය අවස්ථාවෙ අපට දැකගත හැකි වුණා මෙතනට සේවය ලබාගැනීමේ අපේක්ෂාවෙන් ඇවිත් හිටිය රෝගීන් විශාල සංඛ්‍යාවක්. විශේෂඥ වෛද්‍යවරිය සාමාන්‍යයෙන් පාන්දර 5.30 වනවිට මෙහි පැමිණ සැත්කම් අරඹන බව තමයි කිව්වෙ. සායන සඳහා සහභාගි වන රෝගීන්ගෙන් රුපියල් 100/200 මුදලක් අය කෙරුණත් ඒ මුදල වැය කරන්නෙ ඒ රෝගීන්ටම අවශ්‍ය වන උපකරණ ලබා දීම සඳහා. ඒ හැර රෝහලේ පවත්වාගැනීම සඳහා මුදල් යොදවන්නෙ සිංහසමාජයෙන් හෝ මේ වගේ ආධාරවලිනුයි.




ආරම්භයේ පටන් මේ වනවිට අක්ෂි සැත්කම් 9000කට අධික සංඛ්‍යාවක් සිදුකොට ඇති අතර, තමා දැනුවත්ව සංකූලතා ඇති වූයේ ඉන් තිදෙනෙකුට පමණක් බව මෙහි කාර්ය භාර නිලධාරි ප්‍රභාත් මහත්මා පැවසුවා. එහි ඇති දත්ත සටහන්වලින් මාසිකව සායනවලට සහභාගිවන, සැත්කම් කරවාගන්නා රෝගීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා තිබුණා. ඒ අනුව මාසිකව 150-250ක් වැනි සංඛ්‍යාවකට මෙහෙදී සැත්කම් කෙරෙනවා. ඒ සඳහා කාච සැපයෙන්නෙ නොමිළෙ. නමුත් වඩා මිළ අධික කාචයක් සවි කරවා ගැනීමට කැමති රෝගීන් ඉන්නවනම්, ඔවුනට ඒ සඳහා මුදලක් ගෙවන්නට සිදු වෙනවා. ඒ රුපියල් 7000ක් පමණ. 



අප ලබා දුන් පරිත්‍යාගය ඔවුන් ඉතාම ස්තුතිපූර්වකව භාරගත් අතර, කොළඹ නයනාරෝග්‍ය ශාලාවේද මෙලෙසම නොමිළේ කාච සවි කරන බවත්, කැමති කෙනෙකුට ඒ සඳහාද දායක විය හැකි බව දන්වා සිටියා. ඒ වගේම, පුළුන්, ශල්‍ය සැත් වගේම එදිනෙදා සේවය සඳහා අවශ්‍ය අන් ඕනෑම දෙයක් පරිත්‍යාග ලෙස ඔවුන් භාර ගන්නා බවත් දන්වා සිටියා.

0 comments:

Post a Comment

 

Copyright © 2010 | 2014 • මිතුරු සත්කාර • Design by Harshana De Silva,