125x125 Ads

මේ වසරේ අපේ වෙසක් සත්කාරය 2013





ජීවිතේ මුල් අවුරුදු පහළොව විස්ස ඇතුළත ලැබෙන නොලැබෙන දේවලින්, ඉතිරි මුළු ජීවිත කාලයම තීරණය වෙන බව කිව්වොත්, අති මහත් බහුතරයක් සඳහා එය වලංගුයි.
අවාසනාවකට, ඒ මුල් අවුරුදු ගණන තුළ ළමයකුට තමන්ගෙ ජීවිතේට වැදගත් වන කරුණු ගැන කිසිම බලපෑමක් නැති තරම්.
ඉදිරි ජීවිතයෙ සාර්ථකත්වයට හේතු වෙන ආදරය, අධ්‍යාපනය, පෝෂණය, යහපත් සෞඛ්‍යය, ආරක්ෂාව, පවුල් පසුබිම සහ ස්ථාවරභාවය වගේ කරුණු රාශියක් ඉන් ප්‍රධානයි.

හොඳ වෙලාවට නිදහස් අධ්‍යාපනය තිබුණෙ....

ඒත් අධ්‍යාපනයත් මුළුමණින්ම නිදහස් නැහැ. නොමිළේ ලැබෙන අධ්‍යාපනය ලබාගනු පිණිස තවත් භෞතික සම්පත් රාශියක් සඳහා වියදම් කළ යුතුයි.

අදත් හෙටත් හැම ළමයකුටම සමානව මේ හැම භෞතික සම්පතක්ම දිය හැකිනම්....
ඒත් එය ළඟා වීමට අසීරු ඉලක්කයක්.

එක් වසරකදී, නිශ්චිත ළමයින් පිරිසකට, අධ්‍යාපනය සඳහා අවශ්‍ය සම්පත් අතරින් කොටසක් ලබා දීමට හැකිනම්....
ඔව්, එයනම් වඩා ප්‍රායෝගික ඉලක්කයක්.

ඒ මෙවර අපේ වෙසක් ඉලක්කයයි.

පසුගියදා පැවති සුහද සාදයේදී සාකච්ඡා කරගත් පරිදි, දුෂ්කර පාසලක සිසු දරුවන් වෙනුවෙන් අවශ්‍ය පොත්පත්, පෑන් පැන්සල් සහ කවකටු පෙට්ටි, පාට පැන්සල් ආදී උපකරණත්, හැකිනම් පාසල් බෑගත් පිරිනමන්නටයි මෙවර අපේ වෑයම. කවදත් අප සමග සිටින
සහෘද කැලත් තවත් බොහෝ දෙනාත් අපේ වෑයමට එක් වනු ඇති.


ඉතින් වෙසක් සැමරුමට අපි සූදානම් වෙමු.

0 comments:

Post a Comment

 

Copyright © 2010 | 2014 • මිතුරු සත්කාර • Design by Harshana De Silva,